ඩෑන් ප්‍රියසාද් සිංහලේ ජාතික සංවිධානයේ සමාරම්භක නායකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු ඇතුළු තරුණයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ සිංහල ජාතික සංවිධාන රැසක් 2016 පමණ කාලයේ සිට දැඩි මුස්ලිම් විරෝධයකින් බලහත්කාරී ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන ලදි. මෙම සංවිධාන ව්‍යාජ තොරතුරු හුවමාරු කරමින්, තරුණ පරම්පරාව බියෙන් උසිගන්වමින් ප්‍රචණ්ඩක්‍රියා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවට වාර්ථා වූ අතර, ඔවුන් විසින් දේශද්‍රෝහී ලෙස හැඳින්වූ පුද්ගලයන්ට එරෙහිව සංවිධානාත්මකව ක්‍රියාත්මක වී ඇත. ඇතැම් අවස්ථාවල මැර කණ්ඩායම් ලෙසද ඔවුන් ක්‍රියා කර ඇති බව වාර්තා වේ.
මෙවැනි ජාතිකවාදී සංවිධාන බුද්ධි අංශ සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටද තොරතුරු ඇත. 2017 වර්ෂයේදී රොහිංග්‍යා සරණාගතයන් සිටින ස්ථානයකට කඩා වැදීම ඇතුළු ස්ථාන කිහිපයකට කඩා වැදීමට ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නඩු පැවරී තිබුණද,
ඔහු විසින් සිදු කර ඇති ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලට අදාලව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත වැනි පනත් කිසි විටෙකත් යොදා නීතිය ක්‍රියාත්මකව නොතිබුණි.
2022 මැයි 9 වැනි දින ගෝල්ෆේස් අරගලයට කඩා වැදී සාමකාමී අරගලකරුවන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ ඩෑන් ප්‍රියසාද් එයට සම්බන්ධ බවට තොරතුරු ඇත. ගෝල්ෆේස් අරගලයේ මුල් දිනවල සිටම ඔහු ඇතුළු පිරිසක් එයට එරෙහිව ක්‍රියා කිරීමට උත්සාහ ගත් බවට තොරතුරු තිබුණි. සාමකාමී අරගලයට පහරදීමට ඔවුන් ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ජනතාව ඔවුන්ගේ හිංසනයට ඔවුන්ගේම භාෂාවෙන් ප්‍රතිචාර දක්වා තිබූ නිසා බව පැවසේ.
මීට පෙර 2025 ජනවාරි මාසයේදී ඩෑන් ප්‍රියසාද් මිය ගොස් බවට ව්‍යාජ පුවත් පළ වී තිබුණි. එයින් පසුව ඔහු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර, අධිකරණයටද ඉදිරිපත් කරන ලදී. ඩෑන් මෙරට හමුදා බුද්ධි අංශ, ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් සහ විවිධ ජාතිවාදී මැර ක්‍රියා පිළිබඳ බොහෝ තොරතුරු දැන සිටි අයෙකු බව ප්‍රකටය.
ඩෑන් ප්‍රියසාද් ගැන කෙටියෙන්
By