5G සංඥා අවකාශය විකිණීම සඳහා රජය ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්දේසියක් පවත්වන බවත් වෙන්දේසියෙන් රජය රුපියල් බිලියන 9 ක ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අද පාර්ලිමේන්තුවට පැවසීය.