නුවරඑලියේ සංචාරයක් සදහා යමින්සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව වටවල පොලිස් ස්ථානාධිපති චන්දන ගමගේ මහතා පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදි ය.
මෝටර් රථයේ මව, පියා, දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා ගමන් කර ඇති බවත්, අනතුරින් දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවයි පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.