මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම අසල 41 වන කිලෝමීටර් කණුවේදී රාත්‍රී 11:00 ට පමන ලොරියක් සහ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසරයක් අතර රාත්‍රියේ සිදුවූ අනතුරකින් ජීවිත දෙකක් අහිමි වූ බව පොලිසිය අද (20) වාර්තා කළේය.

පරීක්ෂණවලින් හෙළි වූයේ ලොරිය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවත්, ඊට මොහොතකට පසු බවුසරය පාලනය කර ගත නොහැකිව එය මතට පෙරළී ගොස් ඇති බවත්ය.

ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගිය අතර, බවුසරයේ සහායකයා
තුවාල ලබා රෝහලට ගෙන යන අතරතුර මිය ගියේය. බරපතල තුවාල ලැබූ බවුසර් රියදුරු දැනට වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.