බස් රථයේ හදිසි යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් රන්දෙණිගල මාර්ගයේ ඇඟලුම් කම්හලකට අයත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ ගල් බැම්මක ගැටී අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් ඇගලුම් සේවකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇත.