ලොරි රථයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන්, නාරම්මල-කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය අසල අද (05) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය අහිමි වී කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් එහි ගමන් කළ ලොරි රථයේ රියදුරු, පිරිමියෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නාරම්මල සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කරන ලදී. පොළොන්නරුවේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 41, 80 සහ 82 වියේ පසුවන්න රියදුරු, පිරිමියෙකු සහ කාන්තාවක් රෝහල්ගතකල පසුව මිය බවත් වාර්ථා වේ.
ලොරි රථයේ සිටි වයස අවුරුදු 40 ක් වූ කාන්තාවක් සහ වයස අවුරුදු 16 සහ 9 ක් වූ ගැහැණු ළමයින් දෙදෙනෙකු තවමත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
නාරම්මලදී ලොරියක් හා බසයක් ගැටී තිදෙනෙකු මරුට
By