ගම්පොළ ප්‍රදේශයේ ඊයේ සිදුවූ අනතුරකින් වයෝවෘද්ධ කාන්තාවන් තිදෙනෙකු මිය ගිය මෝටර් රථය පදවා ඇත්තේ වයස අවුරුදු 36 ක කාන්තාවක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
පොලිසියට අනුව, රියදුරු බලපත්‍රයක් ඇති කාන්තාව අනතුර සිදුවන අවස්ථාවේ ඇගේ සැමියා සහ කුඩා දරුවන් දෙදෙනා සිටි වාහනය පදවා ඇත.
මූලික පරීක්ෂණවලින් හෙළි වන්නේ කාන්තාව තිරිංග වෙනුවට අහම්බෙන් ඇක්සලරේටරය පෑගීම නිසා වින්දිතයින් සහ ලොරි රථයක ගැටී ඇති බවයි.
මෝටර් රථය පාර අයිනේ ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවන් සිව්දෙනෙකුගේ ගැටී, මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටී, අවසානයේ බිත්තියක හැපී නතර වී ඇති බව වාර්තා වේ.
දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී වී පන්සලෙන් පිටත තබා ඇති වැසිකිළිය භාවිතා කිරීමට පිටතට පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් සිව්දෙනෙකු මිය ගියහ.
මියගිය සිව්දෙනාගෙන් තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ එක් කාන්තාවක් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. මියගිය අය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 67 ත් 70 ත් අතර වියේ පසුවෙති.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (Newswire)
සිවුදෙනෙකුට මරුකැඳවු රථය පදවා ඇත්තේ කාන්තාවක්
By