නාරම්මල පොලිස් බල ප්‍රදේශයේදී සොරොම්බාව දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක සහ බෝක්කුවක ගැටීමෙන් අද (12) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ඒ ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අනතුර හේතුවෙන් තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
මියගිය පුද්ගලයින් වයස අවුරුදු 26 සහ 29 වන වියේ පසුවන වවුනියාව සහ නෙඩුන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
නාරම්මල අනතුරකින් දෙදෙනෙකු මරුට
By