ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කිරීමේ දී එම යතුරුපැදිය අනතුරට ලක්ව තිබෙන අතර  එම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව කලහාකාරී ලෙස හැසිරී ඇති බවත් වාර්තා විය.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින අවස්ථාවේ දී අදාළ යතුරුපැදිකරු, යතුරුපැදිය ද සමඟ මාර්ගයේ වැටී හිස මාර්ගයේ වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මිය ගිය අය වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්විමට් සමඟ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට චෝදනා කරමින් මළ සිරුර රැගෙන යාමට විරුද්ධත්වය පළ කරමින් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.