ජාතික ජන බලවේගය (NPP) රජය සමඟ මිල නියම කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකින් පසු ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘතිවලින් ඉවත් වූ අතර ඒ වන විට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකෙහි මූලික වියදම් සඳහා කරන ලද ආයෝජන වෙනුවෙන්ශ් රී ලංකාව ඉන්දියාවේ අදානි සමාගමට රුපියල් මිලියන 300-500ක් ගෙවීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහි දී දරන ලද මූලික වියදම් ආපසු ගෙවන ලෙස සමාගම ඉල්ලා සිටියේය. ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කරමින් සහ මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා මෙම වසරේ මැයි මාසයේදී ලිපිය යවන ලදී.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකාවේ බලශක්ති අධිකාරිය, ඉන්දියානු සමාගම ඉල්ලා සිටින පරිදි ගෙවීම් කළ යුතුද යන්න පිළිබඳව නීති උපදෙස් ලබා ගෙන ඇත.
අදානි සමාගම නඩු නැතිව දිනයි.
By