අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලුම විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 2025 දෙසැම්බර් 8 වන දින දක්වා වසා දමන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවාව විසින් නිවේදනය කර ඇත.

මෙම තීරණය දිවයින පුරා සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයකටම, උසස් අධ්‍යාපන ආයතනයකටම සහ වෘත්තීය පුහුණු ආයතනයකටම අදාළ වන බවත් තාවකාලික අත්හිටුවීම සියලුම දේශන, විභාග සහ පුහුණු වැඩසටහන් සඳහා අදාල වන බවත් වාර්ථා වේ.

තත්ත්වය වර්ධනය වන විට අමාත්‍යාංශය විසින් වැඩිදුර යාවත්කාලීන කිරීම් දැනුම් දෙනු ලැබේ.