මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම පහසුකම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ හදිසි ගමනාගමනයන්ට සහාය වීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් සැලසීම අරමුණු කර සිදුකරන ලද අතර, පවතින ආපදා තත්ත්වය තුළ අධිවේගී මාර්ග පද්ධතිය වගකීමෙන් යුතුව භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අංශය මහජනතාවට කෘතඥතාව පළ කර ඇත. තව දුරටත් එම මාාා ගාස්තු තාවකාලිකව නිදහස් කර ඇති බවද වාර්ථා වේ.

රටට බලපාන දැඩි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගාස්තු රහිත ප්‍රවේශය ලබා දීමට රජය ගත් තීරණයෙන් පසුව, අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් අධිවේගී මාර්ග භාවිතය සීමා කිරීම පිළිබඳව අදාල අංශය
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රශංසා කළේය.