දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට හා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා හමුදාවට උපදෙස් දී ඇති අතර දැනටමත් හමුදා නිලධාරීන් 20,500 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව වාර්ථා වේ.
ඊයේ දිනයේදී පමණක් හමුදාව පුද්ගලයින් 3,790 ක් පමණ බේරාගෙන ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගෙන එන ලදී. මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශවල ඇති වූ අධික ගංවතුර, නායයෑම් සහ මාර්ග වසා දැමීම් මෙහෙයුම් අභියෝගාත්මක කර ඇතත්, අවශ්‍යතා ඇති අය වෙත ළඟා වීමට හමුදාව සිය උත්සාහයන් දිගටම කරගෙන යයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ද ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහාය දක්වයි.
අයහපත් කාලගුණය - සහන සේවා සඳහා හමුදාවේ 20,500ක්
By