ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ට අනුව, පවතින අයහපත් කාලගුණයෙන් රට පුරා සිදු වූ මරණ සංඛ්‍යාව තියුනු ලෙස ඉහළ ගොස් ඇති අතර, අද සවස 5.00 වන විට මරණ 366 ක් සහ පුද්ගලයින් 367 ක් අතුරුදහන් වී ඇති බව වාර්ථා කර ඇත.
නොවැම්බර් මැද භාගයේ සිට ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක කිහිපයක ගලවා ගැනීමේ කණ්ඩායම්, හමුදා නිලධාරීන් සහ හදිසි ප්‍රතිචාර දක්වන්නන් පැය විසිහතර පුරාම සේවය කරන බැවින් ඉහත සංඛ්‍යා දත්ත අඛණ්ඩව ඉහළ හා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
අයහපත් කාලගුණය - මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහලට
By