දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ආරක්ෂක කට්ටල සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය සැපයුම් රැසක් මෙම තොගයට ඇතුළත් වේ.
කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් රෂෙඩ් අලි අල් මැස්රෝයි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් විසින් සහනාධාර ද්‍රව්‍ය නිල වශයෙන් භාර දෙන ලදී.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මානුෂීය ආධාර
By