අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස විපතට පත් දිස්ත්‍රික්ක 22ක් 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ II වන කොටසේ 9 වැනි වගන්තිය යටතේ, ජාතික ආපදා ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක නම්:

මහනුවර
නුවරඑළිය
බදුල්ල
කුරුණෑගල
මාතලේ
කෑගල්ල
ගම්පහ
මුලතිව්
අනුරාධපුරය
කොළඹ
යාපනය
පොලොන්නරුව
මන්නාරම
පුත්තලම
රත්නපුරය
මොනරාගල
මඩකලපුව
අම්පාර
ත්‍රිකුණාමලය
කිලිනොච්චිය
වවුනියාව
කළුතර