ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් සෑම පාසල් දරුවෙකුටම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000 බැගින් මුදල ජනාධිපති අරමුදලෙන් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පාසල් වසා දමා තිබූ අතර 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය අතරමගදී කල් දමන ලදී.