ලාහෝර් සිට කරච්චි බලා පිටත්ව ගිය මගියෙකු ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් නොමැතිව ජෙඩා වෙත පියාසර කිරීම හේතුවෙන් පෞද්ගලික ගුවන් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව ARY ප්‍රවෘත්ති වාර්තා කරයි.

පාකිස්තාන ගුවන් තොටුපළ අධිකාරිය මෙම සිද්ධිය පිලළිබඳව අවධානය යොමු කර ඇති අතර, ලාහෝර් ගුවන් තොටුපළ කළමනාකාරිත්වය පැවසුවේ පෞද්ගලික ගුවන් සේවය මේ සම්බන්ධයෙන් වගකිව යුතු බවි.

කරච්චි වෙනුවට මගියා ජෙඩා වෙත පැමිණීම ගුවන් සමාගමේ 'නොසැලකිල්ල සහ නොසැලකිලිමත්කම' හේතුවෙන් සිදු වූ බවද කළමනාකරු පැවසූ අතර ගුවන් සමාගමට එරෙහිව පියවර ගැනීම සඳහා බලධාරීන්ට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.

බලපෑමට ලක් වූ මගියා පැවසුවේ දේශීය ගුවන් සේවා ගේට්ටුවේ ගුවන් යානා දෙකක් ස්ථානගත කර තිබූ බවයි. ගුවන් යානයට ගොඩ වූ පසු ගුවන් සේවිකාවකට තම ටිකට් පත පෙන්වූ අතර ඔහු වැරදි ගුවන් යානයකට නැග ඇති බවට ඔහුට දැනුම් දී නොමැති බවයි.

ජාත්‍යන්තර ගමන් සඳහා විදේශ ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍රයක් තමන් ලබාගෙන නොමැති බවට මගියා තහවුරු කළේය.

“ගුවන් ගමනට පැය දෙකකට පසු, ගුවන් යානය තවමත් කරච්චි වෙත ළඟා නොවූයේ මන්දැයි මම ප්‍රශ්න කළෙමි. මෙය කාර්ය මණ්ඩලය අතර භීතියක් ඇති කළ අතර, පසුව ඔවුන් වැරැද්දට මට දොස් පැවරූහ,” ඔහු තවදුරටත් පැවසීය.