ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල අඩි 300 ට වැඩි උසකින් සරුංගල් හෝ වෙනත් වස්තූන් පියාසර නොකරන ලෙසෙත් එලෙස පියාසර කිරීම භයානක සහ නීති විරෝධී බවත්ය.
මෙම නියමය ශ්‍රී ලංකාවේ ක්ජාරියාත්මක ත්‍යන්තර ගුවන්තොටුපළ පහටම එනම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA), මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA), රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CIAR), මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ (JIA) සඳහා අදාල වන අතර ඒවායේ සිට කිලෝමීටර් 5 ක් ඇතුළත ප්‍රදේශවලට අදාළ වේ.
ගුවන්තොටුපළ අසල සරුංගල් පියාසර කිරීම ඉතා අවදානම් විය හැකි බවත් සරුංගල් ගුවන් යානා එන්ජින්වලට ඇදී යා හැකිය, නැතහොත් ප්‍රචාලකවල සිරවී එන්ජින් ක්‍රියා විරහිත විය හැකි බවත් ඒ අනුව ගුවන් යානයට සහ බිම සිටින පුද්ගලයින්ට එවැනි සිදුවීම් බරපතල අනතුරක් විය හැකි බවත් පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර ගුවන් ගමන් සෑම දිනකම මෙම ගුවන්තොටුපළවලින් ගුවන්ගත වී ගොඩබසින බැවින්, අසල ජීවත් වන පුද්ගලයින්ට සරුංගල් පියාසර නොකරන ලෙස හෝ අඩි 300 ට වැඩි පියාසර වස්තූන් මුදා නොහරින ලෙස ඉල්ලා සිටී. ගුවන්තොටුපළ අසල සරුංගල් පියාසර නොකරන ලෙස දරුවන් දැණුවත් කල යුතු බව ද මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම නීතිය කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එය අනුගමනය නොකරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් AASL පැහැදිලිව සඳහන් කළේය.
ගුවන් තොටුපල ආසන්නයේ සරුංගල් යවන්න එපා
By