හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සඳුදා අලුයම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන මුහුදට ඇද වැටුණු අතර, එහි ගැටී ජලයට වැටුන වාහනයක රාජකාරී කල ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු මිය ගියේය.
තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන ACT ගුවන් සේවය විසින් මෙහෙයවන ලද බෝයිං ගුවන් යානය, දේශීය වේලාවෙන් අලුයම 3:50 ට පමණ ඩුබායි සිට පැමිණෙන විට ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී ගිය බව නිලධාරීන් පැවසූහ.
“අවාසනාවකට මෙන්, ඒ වන විට ගුවන්තොටුපළ ආරක්ෂක මුර සංචාර මෝටර් රථයක් එහි තිබුණි. ගුවන් යානය මුර සංචාර මෝටර් රථයේ ගැටී මෝටර් රථය මුහුදට තල්ලු කළේය,” HKIA හි ගුවන්තොටුපළ මෙහෙයුම් විධායක අධ්‍යක්ෂ ස්ටීවන් යියු පැවසීය. මගීන් දෙදෙනා මිය ගියහ
ගුවන් යානය අර්ධ වශයෙන් ජලයෙන් යට වී එහි වලිග කොටස කැඩී ගොස් ඇති බව දැක්වේ. නියමු කුටියට පහළින් යානයේ ඉදිරිපස කොටසට ද සැලකිය යුතු හානියක් සිදුවි ඇත.
-CNN
අයහපත් කාළගුණය හේතුවෙන් ගුවන් යානයක් ගුවන් පථයේ ලිස්සා ගොස් මුහුදට වැටේ.
By