උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩි ප්‍රාන්තයේ හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර යානයේ නියමුවා හා යානයේ සිටි මගීන් හයදෙනා සිටින අතර ඔවුන් අතර කුඩා දරුවකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත. එම මගීන් උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාටයෙන් පැමිණි අය බවයි වාර්තා වන්නේ. 

කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කන්ඩ් හි ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙළිකොප්ටරයක් වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආර්යන් ගුවන් සේවයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මියගිය පුද්ගලයින් අතර නියමුවා ද සිටින බවයි වාර්තා වුණේ.