මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අලියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ හට වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් මිලියන 20.6 ක දඩයක් නියම කර තිබේ.
එලෙසම නඩුවට අදාල අලියා රාජසන්තක කිරීමටද නියෝග කර තිබේ. එයට අමතරව නඩුවේ චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.
‘අලි රොෂාන්’ට වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා මිලියන 20.6 ක දඩයක්
By