ලංකාව වෙනුවෙන් හිමිවන බදු අනුපාත සම්බන්ධව මෙතෙක් ශ්‍රී ලංකා රජය හෝ එක්සත් ජනපදය නිල ප්‍රකාශයක් සිදු කර නොමැති පසුබිමක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට ඉතාම අඩු බදු අනුපාතයක් හිමිවනු ඇති බවට ඇතැම් මාධ්‍යවල වාර්තා පළ කර ඇත.
කෙසේ වෙතත්, මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිත් ජයන්ත මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, ඇමෙරිකානු රජය සමඟ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ඉතාමත් සුභදායී ප්‍රකාශයක් සිදු කිරීමට හැකිවනු ඇති බවත්ය.