එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් 23 වැනිදා අමරිකා ජනාධිපතිවරයා විසින් සපයන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී සිදුව ඇත.

වත්මන් මහා මණ්ඩල රැස්වීම්වලට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් මෙම සංග්‍රහය සංවිධානය කර තිබු අතර  ඇමරිකානු ජනාධිපතිවරයා පැමිණි අමුත්තන් ඉතා සුහද ලෙස පිළිගන්නා ලදි.