අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදුවලට එරෙහිව එරට ෆෙඩරල් අධිකරණයකින් පැනවූ වාරණය වෙනස් කරමින්, ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් එම තීරුබදු යළිත් සක්‍රීය කර තිබෙනවා.
අල්-ජසීරා පුවත් සේවයට අනුව, ඊයේ දිනයේ දී ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ෆෙඩරල් අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉල්ලා සිටින ලද බවයි.
වෙළඳ අධිකරණය මගින් ජනාධිපතිවරයාට ලබා දී ඇති බලතල ඉක්මවා ගිය බවට වන තීන්දුවෙන් දිනකට පසු ෆෙඩරල් අභියාචනාධිකරණයක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තාවකාලිකව නැවත සක්‍රීය කර තිබෙනවා.
ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි අභියාචනාවක් ලබාදෙමින්, තීරුබදු නැවැත්වීම “රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්” බව තර්ක කෙරුණා.
ධවල මන්දිරය විසින් අධිකරණ තීන්දුව අගය කර ඇති බවත් වාර්තා වනවා.
ට්‍රම්ප් දිනයි - නැවත පැරණි අධික බදු අනුපාතම ක්රියාත්මක කරයි
By