ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ සිය නිල ලිපියේ මුල් පිටපතේ තිබූ නම වැරදීමක් නිවැරදි කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නැවත පළ කර තිබේ.
ඔහුගේ මුල් ලිපියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම “අරුණ” ලෙස වැරදීමකින් සඳහන් කර තිබුණි.
2025 ජූලි 9 දිනැතිව නිකුත් කර ඇති සංශෝධිත ලිපිය මගින්, අගෝස්තු 1 වනදා සිට ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණය නැවත තහවුරු කර ඇත.