ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී කන්ටේකර් ට්‍රක් රථයක් අනතුරට ලක් වී පෙරැලුණ අතර එම ට්‍රක් රථය මී මැස්සන් ප්‍රවාහනය කරමින් තිබුණි. ට්‍රක් රථය පෙරළෙද්දී, එහි රැගෙන යමින් සිටි මී මැස්සන් මිලියන 250 ක් 'පලා ගිය' බව ඇමෙරිකන් මාධය වාර්තා බවසයි.

මී මැස්සන් සම්බන්ධයෙන් අවට පදිංචි වැසියන්ට බලධාරීන් අනතුරු ඇගවීම් කර ඇතැයි ද පැවැසෙයි. මී මැසි වද ටොන් 31,750ක් (රාත්තල් 70,000ක්) කන්ටේනර් ට්‍රක් රථයේ තිබූ බව ද පැවැසෙයි. ට්‍රක් රථය අනතුරට පත් ව  ඇත්තේ ඇමෙරිකන් කැනඩා දේශසීමාව ආසන්නයේදීය.