ලෝක රූ රැජින තේරීම සදහා ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගීවන අනුදි ගුණසේකරට සහාය ලබා දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් හරහා සියළු පොලිස් නිලධාරීන්ට දැනුවත් කර ඇත.
ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වනු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණිය වන අතර ඇගේ ජනප්‍රියභාවය ඉහළ නංවන ලෙසත් දන්වා ඇති එම ලිපිය ඊට අදාල මාර්ගෝපදේශද දක්වා ඇත.