පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය ජුනි 26 වන දිනට දින නියම කර ඇත.
මෙම පෙත්සම අද (මැයි 14) අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලදී. පසුව අධිකරණය පෙත්සම ජුනි 26 වන දින කරුණු සලකා බැලීම සඳහා කැඳවීමට නියෝග කළේය.
මේ අතර, රාමනාදන් අර්චුනා මහතා ජුනි 26 වන දිනට පෙර තම පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වන බවට මාධ්‍ය වාර්ථා පලවී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත රාජ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය රාමනාදන් අර්චුනා රජය සමඟ ගිවිසුමක් ඇති බවත් එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවත් පෙත්සම්කරු තර්ක කරයි.
මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සම හේතුවෙන් මන්ත්‍රී අර්චුනා ඉල්ලා අස්වේ?
By