මතභේදාත්මකව මුදාහරින ලද බහාලුම් 323 ක භාණ්ඩ අතරේ මියගිය එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් ආයුධ ඇතුළත්ව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද පාර්ලිමේන්තුවේදී පැවසූ බවට වාර්ථා පලව ඇත.

“භාණ්ඩ රැගෙන යන බහාලුම් ප්‍රභාකරන්ගේ බව මට පවසා තිබෙනවා. මට ආරක්ෂාව සපයා නොමැති නිසා මෙය පැවසීම මත මට වෙඩි තැබිය හැකියි,” මන්ත්‍රීවරයා පැවසීය.

“ප්‍රභාකරන් 2009 ට පෙර තායිලන්තයෙන් භාණ්ඩ ආනයනය කිරීමට උත්සාහ කළා,” ඔහු තවදුරටත් පැවසීය.

මන්ත්‍රී අර්චුනාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ රජයේ මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ වෛද්‍ය අර්චුනා පිස්සු වැටී ඇති බවයි.

“ඔහු වෛද්‍යවරයෙක් විය හැකි නමුත් ඔහු පිස්සු වැටී ඇති බව පෙනේ,” මන්ත්‍රීවරයා පැවසු බවත් එම වාර්ථා පෙන්වා දෙයි.