ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් කපිල ඩොලගේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස අද (2025 ජුනි 26) සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.

ඔහු, එම තනතුරේ සේවය කර විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කර ඇති බව වාර්ථා වේ.