රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙහි පැමිණිලිකරු වන්නේද මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු වන බවත් පොලිසිය කියයි.

පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාරගතකළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවක් මෙම ආරවුලට හේතුවී ඇති  බවද කියවේ.