සමාජ මාධ්‍යයන්හී ප්‍රචාරයවූ වීඩියෝවක් වෛරල් වී ඇති අතර, වීඩියෝවේ දැක්වෙන්නේ ලී කණුවක් භාවිතා කරමින් පිරිසක් පුද්ගලයෙකුට පහර දෙන ආකාරයයි.

වීඩියෝව පිළිබඳ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ බස් රථයේ ගමන් කළ මගියෙකු සමඟ බස් ටිකට් පතක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසුව පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක කොන්දොස්තරවරයෙකු සහ තවත් පුද්ගලයෙකු විසින් අදාල මගියාට
පහරදීමේ සිද්ධියක් වන අතර ඒ සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක බස් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (03) කොටුව බස් නැවතුම්පොළේදී අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් අතර සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.