ඉන්දියාවේ රාන්චි හි පැවති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අනුශූරතාවය (දෙවන ස්ථානය) දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුවන් තොටුපලේදී ඔවුන්ට ශ් උණුසුම් පිළිගැනීමක් ලැබුණි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට පැමිණ සිටියහ.
“ජාතියට මහත් ගෞරවයක් ගෙන දුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ අවංක ගෞරවය සහ සුබ පැතුම්!” ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පැවසීය.
දකුණූ ආසියානු අනුශූරයින්ට උණුසුම් පිළිගැනීමක්.
By