2025 දී ඉන්දියාවේ රාන්චි හි පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී 26 හැවිරිදි, කාන්තා මීටර් 100, මීටර් 200 සහ මීටර් 4x100 සහය දිවීමේ ඉසව් තුනෙහිම නව ශූරතා වාර්තා පිහිටුවමින් ඓතිහාසික දස්කම් දැක්වීමෙන් පසු නැවත ගමට පැමිණි ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා ෂෆියා යමික්ට ඇගේ උපන් ගම වන මහනුවරදී අති උත්කර්ෂවත් පිළිගැනීමක් ලැබුණි.

ඇය මීටර් 100 තත්පර 11.53 කින් සහ මීටර් 200 තත්පර 23.58 කින් වාර්තා කළ අතර, සහය දිවීමේ කණ්ඩායම තත්පර 44.70 කින් අවසන් කිරීමත් එය කලාපීය තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් කරන ලද වඩාත්ම කැපී පෙනෙන තනි දස්කම් වලින් එකකි.

මහනුවරදී ප්‍රීති ඝෝෂා නගමින් සිටි පිරිසක් අමතමින්, යමික් සියලුදෙනාගේ සහයෝගයට කෘතඥතාව පළ කළ අතර සියලු ශ්‍රී ලාංකියන්යන්ගෙන් ආයාචනයක් කිරීමටද අමතක නොකළාය.

"මුස්ලිම්, සිංහල, දෙමළ, බෞද්ධ, අපි හැමෝම එකමුතුව ඉන්නවා. මම ඉපදුණු දවසේ ඉඳන්ම හැදුනේ වැඩුනේ ඒගොල්ලොත් එක්ක. කරුණාකරලා වෙනත් විදිහකට අදහස් කරන පෝස්ට් ෂෙයාර් කරන්න එපා. අපේ ගමේ එහෙම ප්‍රශ්න නැහැ," ඇය පැවසුවාය.