ඉදිරි වසර 20 තුළ අප්‍රිකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා වැඩිදියුණු කිරීම සඳහා තම ධනයෙන් වැඩි කොටසක් වැය කරන බව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසයි.

69 හැවිරිදි ඔහු වැඩිදුරටත් පැවසුවේ "සෞඛ්‍ය හා අධ්‍යාපනය තුළින් මානව විභවය මුදා හැරීමෙන් අප්‍රිකාවේ සෑම රටක්ම සමෘද්ධිය කරා යන මාවතකට අවතීර්ණ විය යුතු" බවයි.

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි දී සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්, මහාද්වීපයේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) ගොඩනඟන්නේ කෙසේද යන්න ගැන සිතා බලන ලෙස ඔහු අප්‍රිකාවේ තරුණ නවෝත්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ගේට්ස් පසුගිය මාසයේ නිවේදනය කළේ 2045 වන විට ඔහුගේ පදනම එහි මෙහෙයුම් අවසන් කිරීමට සැලසුම් කරන විට ඔහුගේ අතිවිශාල ධනයෙන් 99% ක් එනම් ඩොලර් බිලියන 200 පමණ මුදලක් අප්‍රිකාවේ ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.