යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට සංචාරකයින් රැගෙන පැමිනමින් සිටි බෝට්ටුවක් ගැඹුරු මුහුදේ ගිලී ගිය අතර, එහි සිටි 14 දෙනාම දිවි ගලවා ගන්නට සමත් වූහ.

සංචාරකයින් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු රැගත් ඩෙල්ෆ්ට් හි පදිංචිකරුවෙකුට අයත් කුඩා බෝට්ටුවක් අද සවස කුරිකට්ටුවාන් දෙසට ගමන් ආරම්භ කර ඇත. ඩෙල්ෆ්ට් සහ කුරිකට්ටුවාන් අතර ගමන් කරමින් සිටියදී, බෝට්ටුවේ හදිසියේම යාන්ත්‍රික ගැටළු ඇති ී මුහුදු ජලය යාත්‍රාවට ඇතුළු වීමට පටන් ගත්තේය.

මෙහිදී වහාම කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා විපත සංඥා කිරීම සඳහා සුදු කොඩියක් වනමින් උදවු ඉල්ලා සිටියහ. මෙය වෙනත් බෝට්ටුවක සිටි අය විසින් දුටු අතර, පසුව ඔවුන්ට සහාය වීමට පැමිණ ඇත.

වහාම ගිලෙන බෝට්ටුවේ සිටි අය ඒලෙස පැමිණි බෝට්ටුවට මාරු කරන ලදී. මගීන් 12 දෙනෙකු වහාම බේරා ගත් අතර, ඉතිරි දෙදෙනා ගලවා ගැනීමේ බෝට්ටුවට නැගීමට පෙර බෝට්ටුව ගිලී ගියේය. මෙම පුද්ගලයින් දෙදෙනා පිහිනා ගොස් අවසානයේ ගලවා ගැනීමේ බෝට්ටුවට ඇද ගන්නා ලදී.

මේ අතර, සිද්ධිය දැනගත් වහාම ශ්‍රී ලංකා නාවික හමුදාව එම ස්ථානයට පැමිණ බේරාගත් පුද්ගලයින් ඔවුන්ගේ යාත්‍රාවට මාරු කර, ඔවුන් ආරක්ෂිතව කුරිකට්ටුවාන් වෙරළට ගෙන එන ලදී.


ඡායාරූපය - Daily Mirror
image_c2d90f1426.jpg