මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.
ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී.
ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කරන ලද ඉල්ලීම අනුමත කරන ලදී.
බෝගම්බර අවුරුදු 50කට බදු දෙයි
By