රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.
මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින්, අක්කර 12ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට සැකකරු විසින් අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා ඇත.
එම අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා ලක්ෂ 35ක මුදලක් සැකකරු ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් දෙවනුව අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගෙන සිදුකර ඇති බවට වාර්ථා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකපිටිය ඌව මාවෙලගම ප්‍රදේශයේ පදිංචි දියළුම ගොවිජන සේවා මධ්‍යයස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් වේ.
ඔහු ඊයේ පස්වරුවේදී පමණ තණමල්විල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.