අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත තොරතුරු අනුව, අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ට ඔවුන්ගේ නිල රාජකාරි ඉටු කිරීමේදී බලපෑම් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික සමාගමක තාක්ෂණික කළමනාකරුවෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.
සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරියෙකුගේ හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් නිර්මාණය කර කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටීමට එය භාවිතා කර ඇති බවත් එම හැඳුනුම්පත රජයේ නිලධාරීන්ට ඉදිරිපත් කර ඔවුන්ගේ නිල රාජකාරි ඉටු කිරීමට අදාලව ඔවුන්ට බලපෑම් කිරීමට උත්සාහ කළ බවත් වාර්තා වේ.
සැකකරු ඊයේ සවස පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ව්‍යාජ අල්ලස් කොමිසම් නිළධාරියකු අත්අඩංගුවට
By