නඩු ගොනුවක සහතික කළ පිටපතක් ලබා දීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ කාර්යාල සහායකයෙකු අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානය අසල වෙළඳසැලක් ඉදිරිපිටදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.