කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියා පිල්ලේ මුබාරක් සහ ඔහුගේ පෞද්ගලික රියදුරු එම්.එම්. ඉර්ෂාඩ් යන අය ඉඩම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 500,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (31) දහවල් 12ට පමණ ඉක්බාල් නගර් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් හි පදිංචි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ප්‍රාදේශීය සභා සභාපතිවරයා මීට පෙර පර්චස් 20 ක ඉඩමක් ආවරණය වන බලපත්‍රයක් සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 160,000 ක් ලබාගෙන ඇති අතර පසුව ඉතිරි කොටස සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අමතර රුපියල් 500,000 ක් ඉල්ලා සිටියේය.

සැකකරුවන් දෙවැනි අල්ලස් මුදල ලබා ගන්නා අතරතුර අත්අඩංගුවට ගත් අතර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නිලාවේලි පොලිසියට භාර දී ඇත.

ඔවුන් අද පස්වරුවේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සමඟ එක්ව කුච්චවේලි ප්‍රාදේශීය සභාව පාලනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරන බව වාර්ථා වේ.


- Photo - Newswir
Bribery-Kuchchaveli-PS-Chairman.jpg

.