2025 වර්ෂය සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවදැන්වීමක් නිකුත් කරමින් පවසයි.

2025
මාර්තු 31 වන දිනට ප්‍රකාශය 2025 ජුනි 30 වන දිනට පෙර අදාළ ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බවත්, ජූලි 31 වන දිනට හේ ඊට පෙර තවමත් ප්‍රකාශන ඉදිරිපත් නොකළ නිලධාරීන්ට දැන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තිය යටතේ නඩු පැවරීමට යටත් වේ.

ජුනි 30 සිට අගෝස්තු 31 දක්වා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම් සිදු කළහොත් නීතියට අනුකූලව දඩ මුදල් අය කෙරෙන බව කොමිසම වැඩිදුරටත් පැවසීය.


තවද, ආයතන ප්‍රධානීන් ජුනි 30 න් පසු ඉදිරිපත් කරන ප්‍රකාශ පිළිගත යුතුය. ආයතනික ප්‍රධානියා විසින් කිසියම් ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කළහොත්, ඒ පිළිබඳව අල්ලස් කොමිසමට වාර්තා කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


Screenshot_20250803_174057_M365-Copilot.jpg.