බර්ජ් කලීෆා යනු ලොව උසම ගොඩනැගිල්ල වේ. ඉදිකිරීම් අතරතුර බර්ජ් ඩුබායි ලෙස හැඳින්වෙන බර්ජ් කලීෆා (“කලීෆා කුළුණ”) අසල්වැසි අබුඩාබි එමීර් රාජ්‍යයේ නායක ෂෙයික් කලීෆා ඉබ්න් සයිඩ් අල් නහියන්ට ගෞරව කිරීම සඳහා කලීෆා වශයෙන් නම් කරන ලදී. කුළුණ 2010 ජනවාරි 4 වන දින විධිමත් ලෙස විවෘත කළද, ඒ වන විට අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන් නිමකර නොතිබුණි. විවිධ වාණිජ, නේවාසික සහ ආගන්තුක සත්කාර ව්‍යාපාර සඳහා ඉදිකරන ලද මෙම කුළුණ, එහි අපේක්ෂිත උස එහි ඉදිකිරීම් පුරාවටම රහසක්ව පැවතුන අතර අවසන මහල් 163 කින් සහ අඩි 2,717 (මීටර් 828) උසකින් නිම කරන ලදී.
එය චිකාගෝ හි පිහිටි ගෘහ නිර්මාණ සමාගමක් වන ස්කිඩ්මෝර්, ඕවිංස් සහ මෙරිල් විසින් නිර්මාණය කරන ලදී. ඒඩ්‍රියන් ස්මිත් ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සේවය කළ අතර විලියම් එෆ්. බේකර් මෙම ගොඩනැගිල්ල සඳහා ව්‍යුහාත්මක ඉංජිනේරුවරයා ලෙස සේවය කළේය.
අවුරුදු 15කට විතර කලින්, මේක හදලා ඉවර කරද්දි, කිසිම කෙනෙක් හිතුවේ නැහැ මෙච්චර උසට ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ අභියෝගය ජයගත්තා. ඩුබායි වලට අලුත් අනන්‍යතාවක් දෙන්න ඕන වුණ එක තමයි මේක හදන්න ප්‍රධාන හේතුවක් වුණේ.
මේ අය ගොඩනැගිල්ල හදන්න අමුතුම සැලසුමක් භාවිතා කළා. ඒක තමයි 'Y' හැඩයේ සැලසුම.
'Y' හැඩය: මේ 'Y' හැඩයට තියෙන තටු තුන එකිනෙකට සම්බන්ධ කරලා තියෙන නිසා, ගොඩනැගිල්ලට එන සුළං පීඩනය ගොඩක් අඩු වෙනවා. මේ වගේ උස ගොඩනැගිල්ලකට සුළං බලපෑම තමයි ලොකුම අභියෝගය.
ගොඩනැගිල්ල උඩට යනකොට 'Y' හැඩයේ තටු ටික ටික පිටිපස්සට ගිහින් කුඩා වෙනවා. මේක හැදෙන්නේ හරිම ලස්සන, කැරකෙන පඩිපෙළක් වගේ. මේ නිසාත් සුළඟේ බලපෑම තවත් අඩු වෙනවා. මේ ගොඩනැගිල්ලේ සැලසුම, කාන්තාරයේ හැදෙන 'Hymenocallis' කියන මලෙන් සහ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන සමමිතිය කියන සංකල්පයෙන් ආභාෂය අරගෙන තියෙනවා.
මේක හදන්න ටොන් ගාණක් කොන්ක්‍රීට්, වානේ සහ වීදුරු භාවිතා කරලා තියෙනවා. මේවා යොදාගන්න සිද්ධ වුණේ විශේෂ ක්‍රමවේදවලට අනුවයි. මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ වැලි මත. මේක විශාල අවදානමක්. ඒ නිසා, ගැඹුරටම කොන්ක්‍රීට් කණු 192ක් යොදලා හරිම ශක්තිමත් අත්තිවාරමක් හදලා තියෙනවා. ඒකට විතරක් කොන්ක්‍රීට් ටොන් 110,000කට වඩා වැය වෙලා තියෙනවා. ඒක හරියට අලි 100,000ක බර වගේ!
මෙච්චර උසකට කොන්ක්‍රීට් පොම්ප කිරීම ලොකු අභියෝගයක් වුණා. ඒ නිසා BASF කියන සමාගම විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණයක් හැදුවා. මේ මිශ්‍රණය පැය 3කට වඩා වැඩ කරන්න පුළුවන් වුණා. මේ නිසා කොන්ක්‍රීට් මීටර් 600කට වඩා උසකට පොම්ප කරන්න පුළුවන් වුණා. මේක ලෝක වාර්තාවක්.
ඩුබායි වල අධික උණුසුමෙන් ගොඩනැගිල්ල ආරක්ෂා කරන්න, පිටත වීදුරු ආවරණයට විශේෂ තාක්ෂණයක් භාවිතා කරලා තියෙනවා. ඒ වීදුරු වලින් ආලෝකය ඇතුළට එනවා, නමුත් උණුසුම අවශෝෂණය කරගන්නවා. මේ නිසා ගොඩනැගිල්ල ඇතුළත සිසිල්ව තියෙනවා.
2010 ජනවාරි මාසයේදී එහි සමාරම්භක උත්සවයේදී, බර්ජ් කලීෆා, තායිවානයේ තායිපේ හි පිහිටි අඩි 1,667 (මීටර් 508) ක් උසැති තායිපේ 101 (තායිපේ මූල්‍ය මධ්‍යස්ථානය) ගොඩනැගිල්ල පහසුවෙන් අභිබවා ගොස් ලොව උසම ගොඩනැගිල්ල බවට පත්විය. ඒ සමඟම, ලොව උසම නිදහස් ව්‍යුහය, ලොව උසම ජනාකීර්ණ තට්ටුව සහ ලොව උසම එළිමහන් නිරීක්ෂණ තට්ටුව ඇතුළු තවත් බොහෝ වාර්තා බර්ජ් කලීෆා බිඳ දැමීය.
ඉංජිනේරු විද්‍යාවේ විශ්මය - බර්ජ් කලීෆා
By