යටිහලගල – කළුගම්මන මාර්ගයේ කළුගම්මන හන්දිය ආසන්නයේ දී, ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් ඊයේ (12) රාත්‍රියේ අනතුට ලක්වූ බව අලදෙණිය පොලිස් පවසයි.

 බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක් කාන්තාවන් 20 සහ ළමුන් 08 දෙනෙකු එම  අනතුරින් තුවාල ලබා ඇති බවයි පොලිසිය අද උදෑසන සඳහන් කළේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර, පේරාදෙණිය සහ තිත්තපජ්ජිල යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.