දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න හුවමාරු ආසන්නයේදී මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වූ වෙමින් තිබූ බස් රථයක ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුවී නොමැති අතර, සියලු දෙනා ආරක්ෂිතව බස් රථයෙන් ඉවත් කිරීමට හැකි වී ඇත.
පොලීසියට අනුව, බස් රථයේ පිටුපස කොටසේ හටගත් මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට සැක කෙරේ.