ලබන මස පළමුවැනිදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම සහ ලබා ගැනීම අනිවාර්ය වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇති බව එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා පැවසීය.
නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ඊට අනුකූල නොවන රියදුරන්ට හෝ මගීන්ට එරෙහිව පියවර ගන්නා බවත් ඔහු පැවසීය. මහජනතාව වෙත යහපත් හා විශ්වාසනීය ප්‍රවාහන සේවයක් ලබාදීම මෙහි අරමුණ බවත් ඔහු පැවසීය.
පොදු ප්‍රවාහන සේවා නවීකරණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වසර අවසන් වීමට පෙර මගී බස් රථවල GPS උපාංග සවි කරන බවත් කාඩ්පත් ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බවත් සභාපති ජයසිංහ මහතා පැවසීය.
පුද්ගලික බස්වල ටිකට් අනිවාර්යයි.
By