ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන බස් ගමන් සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් දියත් කෙරේ.