අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත්, ඒ අනුව එම මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය හා ගැලපිය යුතු වීමත් හේතුවෙන් වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ ජාතික ගමනා ගමන කොමිසම රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගන්නා බවයි.