ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියදුරුට, රියධාවනය කරමින් සිටි අවස්ථාවේදී හෘදයාබාධයක් වැළදී ඇති අතර ඒ් බව තේරුම් ගත් රියදුරු මහතා පරෙස්සමෙන් බස් රථය ආරක්ෂාකාරීව මාර්ගයෙන් ඉවත් කර නැවත්විමත් සමහම ඔහු අසුන මත සිහිසුන්ව ඇද වැටී තිබේ.
ඔහුගේ මෙම තැනට සුදුසු නුවණ නිසා, හෘදයාබාධයක් වැළදී අසාධ්‍ය තත්ත්වයේ පසු වුවත් මගීන් 62 දෙදෙනෙකුගේ ජිවිත ආරක්ෂාකර ගැනීමට හැකිවීම සැමගේ ප්‍රශංසාවට ලක්වූ කාරනයක් විය.වහාම ක්‍රියාත්මක වූ මගීන් පිරිසක් රියදුරු චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමට පියවර ඇති අතර මේ වන විට ඔහු චාවකච්චේරී රෝහලේ ප්‍රතිකාර ලබයි.